May 18, 2024

ඉතිහාසයේ පළමු වරට නියෝජ්‍ය කථානායකවරයාට පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක්

December 31, 2020

පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයාට බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක් ලබාදී ඇත.

බම්බලපිටිය ලොරිස් නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් මෙසේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාට ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායකවරයකුට නිල නිවසක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවද එම ප්‍රකාශකයා පැවසීය.

මින් පෙර නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකි.

නියෝජ්‍ය කථානායක නිල නිවස ලෙස කොළඹ ශ්‍රාවස්ති ගොඩනැගිල්ලේ කොටසක් සකස් කිරීමේ යෝජනාවක්ද පසුගිය කාලයේ ඉදිරිපත්ව තිබිණි.

නියෝජ්‍ය කථානායකවරයාට ලොරිස් නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබාදීමේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව මගිනි.

කථානායකවරයා මුලසුන දරන එම කමිටුවේ සාමාජිකයන් ලෙස අගමැතිවරයා, සභා නායකවරයා සහ විපක්ෂ නායකවරයාද කටයුතු කරයි.

Rate this item
(0 votes)

Related items