May 10, 2024

ඩයනාට මන්ත්‍රී ධූරය අහිමි වෙන ලකුණු - සජබයේ නීතිඥ කණ්ඩායමක් වැඩට බසී

December 18, 2020

සිය ද්විත්ව පුරවැසිභාවය සඟවා සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගෙන තිබෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා ඇයට එරෙහිව නඩු පැවරීමට සමගි ජනබලවේගයට සම්බන්ධ නීතිඥ කණ්ඩායමක් සුදානමින් සිටින බව වාර්තා වේ.

20වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත්වීමේ බාධාවක් නොවෙතත් ඇය පත්වූයේ 19 ව්‍යවස්ථා සංශෝධනය පැවැති කාලයේදී වීම මෙම නඩු පැවරීමට සූදානම් වීමට හේතුව ලෙස දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයද ඉවත් කළද ඇය එම තීරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

Rate this item
(0 votes)

Related items