May 02, 2024

රටේ ඉඩම් චීනුන්ට දෙනවට වඩා ඥාතීන්ට දෙන එක හොඳයි - ජොනීට ඉතුරු වන්නේ බෝක්කු ටික විතරයි

December 08, 2020

රටේ ඉඩම් චීනුන්ට දෙනවට වඩා ඥාතීන්ට දෙන එක හොඳ බව විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අය-වැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

ඔහු ඒ බැව් සඳහන් කළේ රජයේ වතු සංස්ථාව සතු ඉඩම් සිය ඥාතීන්ට බෙදා දුන්නේ නැද්දැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිය කතාවේ දී අනාවරණයන් රැසක් කරන ලදී.

අධිවේගී මාර්ග සම්බන්ධයෙන් වූ වගකීම පැවරීමට මහා භාණ්ඩාගාරය යටතේ සමාගමක් ස්ථාපිත කිරීමට ඔක්තෝම්බර් මස 12 වැනි දින කැබිනට් පත්‍රිකාවක් දමා තිබෙන බව හෙලිදරවු කළ මන්ත්‍රීවරයා අධිවේගී මාර්ග පුද්ගලීකරණයකට ලක් කරන බව ද පෙන්වා දෙන ලදී.

යෝජිත සමාගමේ කොටස් 49% ක් සිංගප්පූරු සමාගමකට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම සමාගමට කොළඹ පිහිටි රජයේ වටිනා ඉඩම් වසර 30කට බදු දීමට සූදානමක් පවතින බවද හෙළිදරව් කරන ලදී.

මරදාන දුම්රිය ඉඩම්, බේරේ වැව ආශ්‍රිතව ඇති අක්කර සියයක පමණ ඉඩම්, මැනිං මාකට්ටුව පිහිටි ඉඩම, නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් එසේ එම සමාගම හරහා චීනයට බදු දීමට නියමිත ඉඩම් අතර තිබෙන බව ද මන්ත්‍රීවරයා එළිදරව් කරන ලදී.

මෙම තොරතුරු කැබිනට් මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සනාථ කර තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අවසානයේ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ඉතිරි වන්නේ බෝක්කු ටික පමණක් බවද හෂීම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 12:46

Related items