May 13, 2024

ඇමති ජොන්ස්ටන් බන්ධනාගාරවල තත්වය අත්දැකීමෙන්ම කියයි

December 03, 2020

තමා මෙච්චර කල් බන්ධනාගාර ගැන කතා නොකල බවත් තමාට බන්ධනාගාර සම්බන්ධයෙන් ඉතා හොඳ අත්දැකීම් තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

තමා සිරගතව සිටිත්දී තමා සිටි කාමරයේ සිරකරුවන් 50 දෙනෙක් සිටි බව ද මතක් කර දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත සිටියදී සිටි කාමරයේ 25දෙනෙකු සිටි බව ද පෙන්වා දෙන ලදී.

තමාව කෑගල්ලේ බන්ධනාගාරයට දැමූ බව මතක් කර දුන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහි තමා සිටි කාමරයේ සිටීමට හැකි පනහකට වුවත් එහි 225 දෙනෙකු සිටි බවත් ඒ සියල්ලටම තිබුණේ එක් වැසිකිලියක් බවද පෙන්වා දෙන ලදී.

යහපාලන ආණ්ඩු සමයේ විශේෂ උසාවි නිර්මාණය කොට දේශපාලන දඩයම් කිරීම කළා මිස එක බන්ධනාගාරයක්වත් අලුතින් ඉදි නොකළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා පල්ලෙකැලේ හා අගුනුකොලපැලැස්ස බන්ධනාගාර දෙකම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී ඉදි කළ ඒවා බව ද සඳහන් කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 December 2020 12:17

Related items