May 03, 2024

ඕමානයෙන් පැමිණි ශ්‍රමිකයන් මුල්කොට මරික්කාර් උදේ පත්තු කළ බෝම්බය ජොනි මොහොතකින් නිවා දමයි

December 03, 2020

වත්මන් ආණ්ඩුව රට විරුවන් සේ හඳුන්වන ඕමානයේ සිට අද උදෑසන පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 28කට නිරෝධායනය වීම සඳහා හෝටල්වල නතර කර වීමට මුදල් ලබා දෙන ලෙසත් එසේ නොවන්නේ නම් ඔවුන්ව යළිත් ඕමානයේ බලා යැවීමට සිදුවන බවට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බලධාරීන් බල කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුව ආරම්භයේදීම සභාවට දැනුම් දෙන ලදී.

එය අද දින අසන ප්‍රශ්නයක් බවට දැනුම් නොදීම නිසා එය ඇසීමට ඉඩ දිය නොහැකි බව පවසමින් තානායකවරයා එම ප්‍රශ්නය ඇසීම වළක්වන ලද අතර එහෙත් යළිත් වතාවක් මරික්කාර් මහතා එම කාරණය පාර්ලිමේන්තුවට යොමු කරන ලදී.

ඒ අවස්ථාවේ ඊට පිළිතුරු දීමට නැගී සිටිමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමා මේ සම්බන්ධයෙන් මීට ටික මොහොතකට පෙර ගුවන්තොටුපල සභාපතිවරයාගේ විමසූ බවත් එහිදී සභාපතිවරයා සදහන් කළේ ඕමානයේ සිට පැමිණි පිරිසට PCR පරීක්ෂණ කිරීම සඳහා වැය වන මුදල අදාල ගුවන් සමාගම විසින් ගෙවා නොමැති නිසා යම් ප්‍රශ්නයක් ඇති වූ බවත් මේ වන විට එය නිරාකරණය කොට තිබෙන බවත් ඕමානයේ සිට පැමිණි ශ්‍රී ලාංකික පිරිසට රජයේ වියදමින් PCR පරීක්ෂණ කිරීමට කටයුතු සූදානම් කොට තිබෙන බවත්ය.

එසේ පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මරික්කාර් මහතාගෙන් ඉල්ලා සිටියේ බොරු කියා සභාව නොමඟ නොයවන ලෙසය.

ඒ අවස්ථාවේ තමා කලින් ප්‍රකාශ කළ හෝටල් කතා වෙනුවට වෙනත් කතාවක් සභාවට ඉදිරිපත් කරමින් මරික්කාර් මහතා සඳහන් කළේ ඕමානයේ සිට පැමිණි 28දෙනාගෙන් 6 දෙනෙකු නිරෝධයනට යවා ඇති බව බවත් ඉතිරි 22 දෙදෙනා සම්බන්ධයෙන් තමන් මෙම ප්‍රශ්න කිරීම කළ බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 10:39

Related items