May 09, 2024

සේවිකාවට පහර දුන් ඉංජිනේරුවා දැන් අත්අඩංගුවේ - වැඩත් තහනම් කරලා

November 25, 2020

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ සේවිකාවට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධානියා වන ඉංජිනේරුවා මේ වෙනුවට වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

මේ වන විට අදාළ ඉංජිනේරුවරයාගේ වැඩද තහනම් කර තිබෙන බවද ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අදාළ ඉංජිනේරුවාට උපරිම දඬුවම් ලබාදිය යුතු බවත් පක්ෂ භේදයෙන් තොරව කාන්තාවන්ට සිය රාජකාරි ස්ථානයේ දී සිදුවන හිංසනයට එරෙහිව නීති රීති සකස් කළ යුතු බවත් බව සභාවට යෝජනා කරන ලදී.

රාජ්‍ය ආයතනයක ලොක්කෙකු ප්‍රසිද්ධියේ සේවිකාවකගේ කණට ගහයි (VIDEO)

සේවිකාවට ගහපු ඉංජිනේරුවා මගේ ගමේ කාර්යාලය බව ඇත්ත - ඒත් මගේ ගෝලයෙක් නෙමේ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 November 2020 13:31