April 27, 2024

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය අද - LIVE UPDATE

November 25, 2020

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තෙවැනි දිනය අද (25) ආරම්භ විය.

කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් පසු සභාවේ වැඩ කටයුතු ආරම්භ විය.

LIVE UPDATE...

9.30 A.M කතානායකවරයාගේ පැමිණීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ විය.

9.33 A.M මහජන පෙත්සම් පිළිගන්වන ලෙස කතානායකවරයා සභාවට දැනුම් දෙන ලදී.

9.35 A.M රෝහණ දිසානායක, බුද්ධික පතිරණ, ශාන් විජේලාල් ද සිල්වා, ප්‍රසන්න රණවීර යන මහත්වරු මහජන පෙත්සම් ඉදිරිපත් කළ අතර ඒවා මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරන ලෙස කතානායකවරයා උපදෙස් දෙන ලදී.

9.36 A.M ඉන්පසු වාචික ප්‍රශ්න ඇසීම ආරම්භ විය.

හේෂා විතානගේ, චමින්ද විජේසිරි, බුද්ධික පතිරණ, ශිවනාදන් ශ්‍රීධරන්, මොහොමඩ් මුසම්මිල්, ආචාර්ය හර්ෂ ද සිල්වා, රෝහිනී කුමාරි විජේරත්න යන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ප්‍රශ්න අසන ලදී.

එම ප්‍රශ්නවලට ගාමිණි ලොකුගේ, අජිත් නිවාඩ් කබ්රාල්, ජොන්ටන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් පිළිතුරු දෙන ලදී.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ඇසූ සිංහරාජයේ පරිසර වාර්තාව පිලිබඳ ප්‍රශ්නයට පිළිතුරු දීමට අමාත්‍යවරයා කල් ගැනීමත් සමඟ අමාත්‍යවරයා මන්ත්‍රීවරයා හා ඊට මැදිහත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ද ප්‍රශනයක් නැගූ අතර එයට සි.බී.රත්නායක මහතා පිළිතුරු දෙන ලදී.

10.22 AM දෙවන වටයේ ප්‍රශ්න ඇසීම ආරම්භ විය. එය ඉදිරිපත් කිරීමට නියමිතව සිටි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සභාවේ සිටියේ නැත.

10.24 AM විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කිරීම ආරම්භ කරන ලදී.

10.32 AM සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රකාශයේ දී සඳහන් කල කොවිඩ් 19 සම්බන්ධයෙන් වූ ප්‍රශ්න වලට පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය පිළිතුරු දීම ආරම්භ කරන ලදී.

10.42 AM සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් එම ආයතනයේ සේවිකාවකට පහර දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලදී.

10.44 AM මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිමල් ලන්සා අමාත්‍යවරයා කරුණු දැක්වූ අතර අදාළ චුදිතයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරන ලදී.

10.50 AM විසර්ජන පනත් කෙටුම්පත් විවාදය ආරම්භ වීම. විදේශ කටයුතු, කලාපිය සම්බන්ධතා හා ජනමාධ්‍ය කටයුතු අමාත්යංශය පිලිබඳ විවාදය ආරම්භ කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව අමතන ලදී.

11.10 AM විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විවාදයට එක් විය. පසුගිය යහපාලන ආණ්ඩුව රටට කරපු විනාශය වලක්වා ගෙන මේ වන විට වසරක් පිරි ඇති බව සභාවට දැනුම් දෙන ලදී.

11.44 AM දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්දිරන් මහතා විවාදයට එක්විය.

12.10 PM මහාචාර්ය ජි.එල්.පිරිස් අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් කිසිදු රටක් ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු වලට අත නොදැමිය යුතු බවත් අපේ දේවල් පිලිබඳ තීරණ අපටම ගත හැකි බවද සඳහන් කරන ලදී.

12.20 PM ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය විවාදයට එක්වීම.

12.28 PM කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විවාදය එක් වුනු අතර ඔහුගේ කතාව අතර තුර සභාවේ කටයුතු දිවා භෝජන සඳහා නතර කිරීම.

01.01 PM දිවා භෝජනයෙන් පසු විවාදය ආරම්භ කරමින් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සභාව අමතන ලදී.

01.07 PM විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විවාදයට එක්විය. 

01.25 PM කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අයවැය විවාදයට එක්වෙමින් මාධ්‍ය ආයතනවල එදා සහ අද තත්වය පිලිබඳ විග්‍රහයක් කරන ලදී.

12.45 PM මාධ්‍ය අයිතීන් සුරැකීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 127 වන ස්ථානයේ බව විවාදයට එක්වෙමින් ඉමිතියාස් බාකිර් මාකර් මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

01.50 PM සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ සභවට කියා තිබෙන්නේ සම්පුර්ණ බොරුවක් බව පවසමින් මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා විවාදයට එක් වූ අතර එහිදී සුමදිරන් මන්ත්‍රීවරයාට පිළිතුරු ලබා දීමත් සමඟ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර අදහස් හුවමාරුවක් සිදු විය.

2.50 PM ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් හා ආර්ථිකයෙන් කුඩා වුවත් මානව ශිෂ්ඨාචාරයට කර ඇති දායකත්වය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින ප්‍රබල රටක් බව විපක්ෂය පවා පිළිගත යුතු යැයි සුරේන් රාඝවන් මහතා විදේශ කටයුතු පිලිබඳ විසර්ජන පනත් කෙටුම්පත් විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

3.30 PM 1948 තෙක් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වූයේ ඉන්දියාව දෙස සැකයෙන් බැලීම බවත් ඒ දෙමළ ජනතාව ජීවත් වන දකුණු ඉන්දියාවට ඉතා කිට්ටුවෙන් මේ දූපත පිහිටීම නිසා බව අයවැය විවාදයට එක්වෙමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සදහන් කරන ලදී.

3.55 PM විපක්ෂයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විවාදයට එක්වෙමින් සඳහන් කලේ අද සෑම අංශයකම කොවිඩ් ආසාදිතයින් සිටින බවත් එනිසා ජනමාධ්‍යවේදීන් කොවිඩ් 19 නිසා මේ සභාවෙන් ඉවත් කිරීම තමා අනුමත නොකරන බවත් ඔවුන්ට මේ සභාව ආවරණය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 November 2020 15:57

Related items