May 10, 2024

මම ප්‍රිපෙයාර් වෙලා ආවේ වෙන කතාවකට - රනිල් කලාකරුවෙකුගේ මළ ගෙදරකටවත් නොගිය මිනිහෙක්

November 24, 2020

මම ප්‍රිපෙයාර් වෙලා ආවේ වෙන කතාවක් කරන්න යැයි පවසමින් මේ වන විට විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වී සිටින ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කලා කරුවන්ගේ බහුතරය අසරණයින් බව පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

රූපවාහිනී වල එක දිඟට පෙන්වන ටෙලි නාට්‍ය නිසා දේශීය කලාකරුවන්ගේ නිර්මාණ විකාශය කිරීමට අවස්ථාවක් නැති බවද මන්ත්‍රීවරිය සභාවට පෙන්වා දෙන ලදී.

ජනතාවට මානසික සුවයක් ලබා දෙන කලාකරුවන් අද මුහුණ දෙන තත්වය ගැන විග්‍රහයක් කරමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කලේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කලාකරුවන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන් තමා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් දිරිපත් කල බවත් ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා "ඩයනා, මට කරන්න වෙන වැඩ තියෙනවා" යැයි සඳහන් කරමින් එය මඟ හැරී බවද පෙන්වා දෙන ලදී.

වික්‍රමසිංහ මහතා කලාකරුවෙකුගේ මල ගෙදරකටවත් නොගිය පුද්ගලයෙකු බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)

Related items