May 18, 2024

"සමහරු දන්නෙ නෑ ගලවගෙන යන්න සුවසැරියේ වෙන්ටිලේටර්ස් නෑ කියලා" - හර්ෂ ද සිල්වා

November 04, 2020

සුව සැරිය ගිලන්රථ තුළ තිබෙන වෙන්ටිලේටර් යන්ත්‍ර ගලවා ගෙන ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට එම සේවාව මෙරට ස්ථාපනය කිරීමට මුලිකවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළහ.

සිය ෆේස්බුක් ගිණුම හරහා ඒ සම්බන්ධයෙන් පළකොට තිබූ අදහසයි මේ ,

“සුවසැරිය ගිලන්රථ සේවයේ වෙන්ටිලේටර්ස් ගලවාගෙන යන්න සූදානමක් තිබෙනවා යැයි නොදන්නා කමට සමහරුන් ප්‍රචාරයක් අරගෙන යනවා.

එහෙම දෙයක් වෙන්න කොහෙත්ම ඉඩක් නෑ. මොකද? සුවසැරිය ගිලන්රථවල වෙන්ටිලේටර්ස් නෑ. මෙම ගිලන්රථ සේවය ගොඩනැගූ පුද්ගලයා ලෙස එය මා කියන්නේ වගකීමෙන්.

මා මේ පිළිබඳව රුවන් විජේවර්ධනට කිව්වා. කවුරු හෝ ඔහුටත් වැරදි තොරතුරක් දීලා.” 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2020 16:56

Related items