May 11, 2024

සමලිංගිකයන් අතර හොඳ මනුෂ්‍යයෝ සිටිනවා - මටත් එවැනි යාළුවෝ ඉන්නවා - ඩයනා ගමගේ

November 02, 2020

මේ දිනවල මතභේදාත්මක චරිතයක් බවට පත්ව සිටින ඩයනා ගමගේ මහත්මිය සමලිංගික අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරිනියක් බව හෙළිදරව් වී තිබේ .

ඒ පසුගිය සතිඅන්තයේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් ගමගේ මහත්මිය සමලිංගිකයන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැක්වූ අදහස් හේතු කොට ගෙනය.

එම වැඩසටහනේදී ඩයනා ගමගේ මහත්මිය සමලිංගිකයන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැක්වූ අදහස් වල සංක්ෂිප්තය කි මේ.

  • සමලිංගිකත්වය කියන්නේ තමන්ගේ කැමැත්ත. ඒක ඒ අයගේ අයිතිය.
  • සමලිංගිකයන් අතර ඉතා හොඳ මනුෂ්‍යයන් සිටිනවා. මටත් එහෙම යාලුවෝ ඉන්නවා.
  • සමලිංගිකත්වය මේ රටේ තිබෙන සංස්කෘතික රාමුව යටතේ ප්‍රචාරණය කරන්න බැහැ.
  • සමලිංගික අයටත් මානුෂීය අයිතිවාසිකම් තිබෙනවා. ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මම පෙනී සිටිනවා.
  • ඇතැම් සමලිංගික අදහස් ජානවලින් එන ඒවා .ඒක ඒ අයගේ උපන් කර්මඵලය.
  • සමලිංගිකයන්ට මානුෂීයව සලකන්න ඕන .ඒ අයට අපහාස කිරීම ඔවුන්ව කොන් කිරීම නොකළ යුතුයි .

 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්ත කර ගැනීමේදී ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වූ ඩයනා ගමගේ මහත්මිය පක්ෂයේ තීන්දුවට පටහැනිව යමින් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන ලදී.

ඒ සමග ගමගේ මහත්මිය සමාජයේ දැඩි අවධානයට ලක් වූ අතර ඇයට ඒ සම්බන්ධයෙන් මල් මෙන්ම ගල් ද එල්ල වෙමින් පවතී .
 

Rate this item
(3 votes)
Last modified on Monday, 02 November 2020 16:07

Related items