May 19, 2024

අශ්වයෙක් වූ ජනපතිට කොටළුවන් වූ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න දෙන්නේ නැහැ - ඩයනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ කල හැකි අශ්වයෙක් වුවත් ඔහුට කොටළුවන් වැඩ කිරීමට ඉඩ නොදෙන බව මතභේදයට තුඩු දී සිටින ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

කොටළුවන් වන රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයාට වැඩ කිරීමට ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරිය එහිදී සඳහන් කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබු ඉහත බාධකය ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් වූ බවත් තමා ඊට පක්ෂව ජන්දය දීමට එක් හේතුවක් වුයේ එය බවද ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

සමඟි ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වූ ඇය එම පක්ෂයේ තීරණයට පිටින් යමින් 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 October 2020 16:42

Related items