May 19, 2024

ආණ්ඩුවට පක්ෂ වුණ හේතුව ඩයනා හෙළි කරයි (VIDEO)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවන බව සමගි  ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය, “ජනාධිපතිවරණ තියන්නේ මොකට ද? ජනාධිපතිවරයෙක් ගේන්න. රටේ ජනාධිපතිවරණයක් ගේන්නේ මොකට ද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැදලා ගඟට විසික් කරලා තියෙනවා නම් අපි පීනන්න කියලා හරි ද? එතුමා ගිලෙනකල් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඔබ තුමා ගිලෙනවා කියලා. මොකද්ද මේකෙ විහිළුව. ජනාධිපතිවරයෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ යනුවෙන් පැවසුවාය.

කෙසේවෙතත් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 23 October 2020 11:15

Related items