May 10, 2024

රිෂාඩ්ට වරෙන්තු නිකුත් කරන්න බැහැ : චෝදනා වලට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව විනිසුරුතුමන් දැනුම් දෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය අතර එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කලේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

නඩුවේ මෙම මස 27 වෙනිදා යලි කැඳවීමට නියමිතය.

Rate this item
(0 votes)