May 10, 2024

"මට මාව ශුවර් - මගේ අනිත් අය ෂුවර් නෑ" - රිෂාඩ්

තමාගේ සහය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලබා නොදෙන මුත් තම පක්ෂයේ සිටින අනිත් මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහ ඊට එරෙහිව ලබා දීම පිළිබඳව තමාට සහතික විය නොහැකි බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා විසින් සමගි ජන බලවේගය ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන බව දැනගන්නට තිබේ.

තමන්ට ආණ්ඩුවට සහාය දෙන ලෙස පුද්ගලිකවම කිසිවකු ඉල්ලීමක් කර නොතිබෙන බව ද බදියුදීන් මහතා එහිදී සඳහන් කර ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා රිෂාඩ් බදුර්දීන් මහතා සහ රවුෆ් හකීම් යන මහත්වරුන් හැර ඔවුන් නායකත්වය දරන පක්ෂ දෙකෙහි අන් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

රවුෆ් හකීම් මහතා නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේය.

රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් මහතා නායකත්වය දරන පක්ෂ සමඟි ජන බලවේගයේ සන්ධානගත පාර්ශවයන් වේ.

Rate this item
(0 votes)