May 10, 2024

පාර්ලිමේන්තුව රැස්වන වේලාව වෙනස් කරයි

September 11, 2020

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාවේ වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට තීරණය කර තිබේ.

ලබන 22 වන දා සිට පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් වේ.

පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.

ඒ අනුව පසුගිය 08 වන දා ලිපි ලේඛනාදිය පිළිගැන්වීම යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ නියමයක් ද, 2012 අංක 12 මුදල් පනත යටතේ නියමයක් ද, 2018 අංක 35 මුදල් පනත යටතේ නියමයන් 05ක් ද, 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ නියෝග 02ක් සහ නියමයන් 03ක් ද, 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් ද, ලබන 22 වන දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.

Rate this item
(1 Vote)

Related items