May 04, 2024

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යයි

September 08, 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබේ.

මරණ දඬුවම නියම වී අභියාචනයක් ඉදිරිපත් කර සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව, අභියාචනාධිකරණය ඊයේ (07) ප්‍රකාශ කළේය.

මේ අනුව අද (08) ඔහු දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට පැමිණි අතර, දිවුරුම් දෙන අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් ඊට විරෝධය පළ කළේය.

Rate this item
(0 votes)