May 12, 2024

නැගෙනහිර පර්යන්තය විකුණන්න මට තියෙන බලය කුමක්ද? - මම දාපු කැබිනට් පත්‍රිකාවක් නැහැ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවේ සමාගමකට දීමට තමාට ඇති බලය කුමක්දැයි වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

නැගෙනහිර පර්යන්තය විකිණිමට තමා මේ රටේ ජනාධිපතිද නැත්නම් අගමැතිද යන්නද ඔහු ප්‍රශ්න කරයි.

තමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවද  අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ ඒ අදහස අග්‍රාමාත්‍යවරයා විසින්ද තහවුරු කර තිබේ.

කිසිම විටක කැබිනට් මණ්ඩලයට නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට දීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව අග්‍රාමාත්‍යවරයා වෘත්තී සමිති නියෝජිතයන් හමුවේ ද පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 August 2020 21:43

Related items