May 07, 2024

මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසම ඉල්ලයි

මිය ගිය හෝ විදෙස්ගත වූ හෝ ඡන්ද දායකයින්ගේ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයාට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
ඒ අනුව, 2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සඳහන්ව තිබෙන ඉකුත් 10 වැනි දින වනවිට විදේශගතව සිටින හා මියගොස් ඇති ඡන්ද දායකයන්ගේ නම් දිස්ත්‍රික් මැතිවරන කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයා වෙත මාර්තු 14 වැනි දිනට පෙර ලබාදෙන ලෙසද මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.
 
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය අවභාවිත වීම වැළැක්වීම  සඳහා එම පියවර ගන්නා බවද එම මැතිවරණ කොමිසම කියයි.

Rate this item
(0 votes)