May 22, 2024

අලියා නැත්නම් සජිත් තීන්දුවක් ගැනීමට සූදානම්

සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම ලකුණ කුමක්ද යන්න ඉදිරියේ දී රටට හෙළි කරන බවත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (01) රැස්වී ලකුණ සම්බන්ධයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීමට අවසන් තීරණයක් නොගත් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් ඡන්ද විමසීමක් නොවූ බවත් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

මේ අතර හෝමාගම පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පැවසූවේ පක්ෂයේ පරාජයට හේතුවී ඇති කාරණා මුලුමනින් උපුටා දැමීමේ සටන නොනවත්වා ඉදිරියට ගෙනයන බවත්, එය ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත් ය. 

වසර 20ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති පාරජයට හේතුවී ඇති කාරණා පිළිබඳව පාක්ෂිකයන්ට මෙන්ම තමා ඇතුළු කණ්ඩායමට පැහැදිලි බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 March 2020 22:34