May 17, 2024

'එකම සිද්ධිය නඩු දෙකකට දාලා' - නාමල්ගේ නිතීඥවරයා කියයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු දෙකකට අදාළව බව ඔහුගේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවැසීය. 

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයෙන් ඇප ලබාගත හැකි තත්ත්වයක් යටතේ වුවත් මෙම කාලසීමාවේදී අධිකරණ නිවාඩු කාලසීමාවක් වෙන බවත් ඔහු පැවැසීය.

එන්.ආර්. උපදේශන සමාගම හා ගවනර්ස් සමාගම වෙනුවෙන් පැවැති එක් නඩුවක්, නඩු දෙකක් බවට විඛණ්ඩණය කරමින් එම නඩු දෙකට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් පොලිස්පතිවරා නීතිය නවන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණ බවත් සමහර ආණ්ඩුවේ ප්‍රධානීන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා බවට පවසන බවත් ඔහු සඳහන් කළේය. 

එසේම මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 August 2016 14:42