May 17, 2024

නාමල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (28) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කොට තිබේ. 

ඒ, හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ කොටස් මිලදී ගැනීම සඳහා මන්ත්‍රීවරයාට මුදල් ලැබුණ ආකාරය සැක සහිත යැයිද මන්ත්‍රීවරයා මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති හෙයින් ඔහු ඇතුළු 06දෙනෙකුට චෝදනා ගොනු කිරීමට සාක්ෂි තිබෙන බවට නීතිපති උපදෙස් ඇතැයි ද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ.

සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන ඉන්දික ප්‍රභාත් කරුණාධීර රට හැර ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන අැතුළත් වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 July 2016 11:33