May 17, 2024

පාද යාත්‍රාව ඇරඹීමට පෙර නාමල් කී කතාව (VIDEO)

අද (28) දින ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කරන 'ජන සටන' පාද යාත්‍රාව තව සුළු මෙහොතකින් අරඹන බවත් අභියෝග රැසක් හමුවේ අරඹන මෙම ජනතාවාදී රැල්ල ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරගන්නා තෙක් ගෙනයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කරන පාද යාත්‍රාව පේරාදෙණිය පාලම අසල මංසන්ධියෙන් ආරම්භ කිරීමට සුළු මෙහොතකට පෙරය.

මහනුවර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව පා ගමන මහනුවර නගරයෙන් බැහැරව ආරම්භ කළ යුතු නිසා එය පේරාදෙණිය පාලම අසල මංසන්ධියෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද උදෑසන ප්‍රකාශ කොට තිබුණි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා කියාසිටියේ මීට පෙර එය ගැටඹේ පන්සල අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද විහාරස්ථානය අවට ප්‍රදේශය ද මහනුවර නාගරික බල සීමාවට අයත් වන නිසා මෙම තීරණය ගත් බවයි.

වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 12:33