May 17, 2024

නාමල්ගේ පෙත්සම් විභාගය කල්යයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශනවලට සහය නොදීමෙන් එම කොමිසමට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීම කල්දමා තිබේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම් විභාගය ලබන මස 03 වන දින දක්වා කල් දැමූ බව වාර්තා වේ.

අද දින නඩුවට සහභාගී වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ද, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 13:19