May 17, 2024

නාමල් රාජපක්ෂ FCID අත්අඩංගුවට (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳැවීය.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ක්‍රිෂ් සමාගමට දැනුමදීමක් කර තිබේ.

කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව වාර්තාවේ.

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 16:53