May 17, 2024

මෙරට IT ඉරණම ගැන නාමල්ගේ ට්විටර් පණිවිඩය (PHOTOS)

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවක පිරිසට සුදුසු රැකියා ලබාදීමට බොහෝ දේ කළ යුතුව ඇතැයි ද ඔවුන් ශක්තිමත් කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙනත් රටවල සිටින අයට ඉඩ නොතැබිය යුතු බව ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමිනි.

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ අමාත්‍යවරු විසින් පසුගියදා දක්වන ලද අදහස්වලට හා ඒ අනුව නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුම සහ ඉන් පසු ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි ඉරණම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

එම පණිවිඩය පහතින්.

Rate this item
(1 Vote)