May 17, 2024

ඇමතුමක් සම්බන්ධයෙන් නාමල් CCDයට!

December 30, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගොස් තිබේ.

කලකට පෙර සිදු වූ දුරකතන ඇමතුමක් පිළිබඳ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා මෙසේ එහි ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ මහතා බව සඳහන් කරමින් වෙනත් අයෙකු විසින් එවකට ගුවන් හමුදාපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ගුවන් හමුදා නිළධාරියෙකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් මෙලෙස මෙම ඇමතුම ලබා දී තිබේ.

පසුව හෙළිදරව් වී ඇත්තේ අම්පාර හිටපු නගරාධිපතිවරයෙකු විසින් එම ඇමතුම ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් එම හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර අධිකරණය දැනුම් දී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.

ඒ අනුව අද (30) දින නාමල් රාජපක්ෂ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 13:11