May 19, 2024

“මට මොනවා හරි වුනානම් මගේ බිරිඳ කොහොම දරාගනීද” - බිමල් කියන සංවේදී කතාව

බිමල් ජයකොඩි කියලා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි සුවිශේෂී රංගන කුසලතාවන්ගෙන් සපිරි ප්‍රවීණ රංගන ශිල්පියෙකි. එකිනෙකට වෙනස් වු නිර්මාණ රාශියක් ඔස්සේ ප්‍රේක්ෂක පිරිස වෙත එන ඒ මහතා ලාංකීය ජනයා අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බව රහසක් නොවෙයි. කොහොම නමුත් සිය පෞද්ගලික ජීවිතය තුළ වගේම කලා ජීවිතය තුලත් සාර්ථක දිවියක් ගතකරන චරිතයක් ලෙස අපට ඔහුව හදුන්වා දෙන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ඔහු හැමෝටම ආදර්ශයක් සපයමින් සිය බිරිඳ සමගින් සුන්දර යුගදිවියක් ගතකරනු ලබනවා. කොහොම නමුත් බිමල් ජයකොඩි මහතා මීට දින කිහිපයකට පෙරදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවී තිබුණා. එහිදී ඔහු කියලා තිබුනේ ඔහුගේ හිතේ කිසිම දවසක නළුවෙක් වෙනවා කියලා නම් බලාපොරොත්තුවක් නොතිබුණු බවයි. ඔහු කුඩා කල සිටම කැමැත්තෙන් හිටියේ සංගීතය ඔස්සේ ඉදිරියට යන්නයිලු. නමුත් ඔහු පසුකාලීනව රංගනයට යොමුවෙලා තිබෙනවා.

මේ අතර කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහුගේ පෙනුමට, කතාබහට වගේම පෞර්ෂත්වයට තවමත් ලාංකීය තරුණියන් බොහෝදෙනෙකු ආදරය කරනු ලබනවා. ඉතින් ඒ ගැනනම් ඔහු කියන්නේ තමන් විවාහ වී සිටියත් තවමත් ඇතැම් කාන්තාවන් තමන්ගේ එවැනි ගති ලක්ෂණ වලට ගොඩාක් කැමත්තෙන් පසුවෙන බවයි.

නමුත් ඔහුගේ බිරිඳ සුජානිත් කලාවට සම්බන්ධ කෙනෙකු නිසාවෙන් ඇය ගොඩාක්ම ඔහුව තේරුම් අරන් ජීවත් වෙනවාලු. ඉතින් ඒ දේවල්වලින් ඔවුන්ගේ පවුල් ජීවිතයට නම් බාධාවක් වෙලා නෑ කියලයි ඔහු කියන්නේ.

කොහොම නමුත් ඉතින් බිමල් ජයකොඩි මහතා ආදරය ගැනනම් කියන්නේ හරිම අපූරු කතාවකුයි “මොහොතක් ගානේ වෙනස්වෙමින් දවසින් දවස අලුත් වෙන ජීවිතයේ අලුත් මාවතකට එක්කරගෙන යන ලෝකයේ තියෙන මිල කරන්නම බැරි දෙයක් විදියටයි තමයි මම ආදරය දකින්නේ” කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම තමයි බිමලුත් පසුගිය දවස්වල රට තුළ පවතින වසංගත තත්ත්වයට ගොදුරු වෙලා තිබුණා. ඉතින් ඒ ගැන ඔහු කියල තිබෙන්නේ “ජීවිතය ගැන ආසාවක්වත් මරණයට බයක්වත් මට දැනුනේ නෑ. නමුත් මට හදිසියේ හරි මොනවාහරි වුණොත් මගේ ආදරණීය බිරිද සුජානි කොහොමද ඒක දරාගන්නේ කියන ලොකු ප්‍රශ්නයක් එක්ක මම අසරණ වුණා” කියලයි.

ඒ වගේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියලා තිබුනේ සුජානිගේ ආශිර්වාදයෙන් ඔහු ඉක්මනින් සුවපත් වු බවයි. ඒ වගේම ඒ දෙයත් එක්ක කිසිම වැඩක් හෙටට කල් දාන්න හොද නැහැ කියන එකත් වගේම ජීවිතය අවිනිශ්චිත බවත් ඔහු තේරුම් ගත්තු බවයි. 

Rate this item
(6 votes)
Last modified on Saturday, 21 August 2021 15:09