May 19, 2024

"කාගෙන් නැතත් සුජානිගෙන් මට ලැබෙන්නේ නොවෙනස් ආදරයක්"

ප්‍රවීණ රංගධර පරම්පරාවකින් පැවත එන අපූර්ව වූ තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. ඔහුගේ රංගන කෞශල්‍යය නිසාම ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරයෙන් පාත්‍රවන බිමල් ජයකොඩි තමන්ටම ආවේණික වූ හඬ පෞරුෂයකින් ද සන්නද්ධ වන්නේ ය. රංගන ක්ෂේත්‍රය තුළ සෙමෙන් ගමනක් පැමිණියද නොමැකෙන සටහන් සනිටුහන් කරමින් පෙරට පැමිණි මෙම රංගධරයා පසුගියදා සිය දිවිය පිළිබඳ මෙවන් සටහනක් සඳහන් කළා.

“මගේ ආත වෙද මහත්තයෙක්.ඉතින් ඔහුට හැමදාම වුවමනා කළේ මාව වෙද මහත්තයෙක් කරන්න.ඉස්සර මට මතකයි ඔහු මගින් ‘සකස්කඩය’ කවි පහක් පාඩම් ගන්නවා.ඉස්සර නම් ඒව මට හරිම නීරසයි.නමුත් දැන් හිතෙනවා අද වෙනකොට මම මනා හඬ පෞරුෂයකින් යුතු නිවේදකයෙක් ලෙස කටයුතු කරනත් හඬ කැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නත් රංගන වෘත්තීයේදී හඬ පාලනය කිරීමටත් ඔහු ලබා දුන් අභ්‍යාස මට පන්නරයක් වුණා.”

ප්‍රේක්ෂක ආකර්ෂණය තවමත්  නොඅඩුව ලැබෙන මෙම ආදරණීය සහෘදයා විවාහ වී සිටින්නේ ද ප්‍රවීණ රංගන ශිල්පිනී සුජානි මේනකා සමඟයි .ඇය ගැන සඳහන් කිරීමේදී ඔහු පැවසූයේ මෙවන් අදහසක්.

“මොහොතක් ගානේ වෙනස් වන,දවසින් දවස අලුත් වන,ජීවිතය අලුතම මාවතකට එක්ක යන ලෝකේ තියෙන මිල කරන්න බැරි දෙයක් විදිහටයි මම ආදරේ දකින්නේ.ඉතින් ඒ ආදරය සුජානිගෙන් මට නොඅඩුව ලැබෙනවා.විවාහ වී සිටියත් තවමත් මට ආදර යෝජනා ලැබෙනවා.සුජානිත් මේ ක්ෂේත්‍රයේ සිටින නිසා අපි හරි අවබෝධයෙන් ආදරයෙන් ජීවත් වෙනවා.”කියලා තමයි අවසාන වශයෙන් ඔහු පැවසුවේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 22:09