May 19, 2024

"මේ අවුරුදු දාහතරටම බිමල්ගේ සහ මගේ අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා නැහැ" - ශක්තිමත් බැඳීම ගැන සුජානි කතා කරයි

November 05, 2021

සුජානි මේනකා කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම පුංචි තිරය තුළ අපට දැකබලා ගන්නට හැකියාවක් ලැබුණු දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදි. සතෙන් සතේ එකතු කරපු පුන්චි කෙල්ල කවුද කියලා ඇහුවොත් අදටත් කොයි කාටත් මතක් වෙන්නේ සුජානි මේනකා.ඇය විවිදාකාරයේ වෙළඳ දැන්වීම් වලින් කුඩා කාලයේ ඇගේ රංගන කුසලතාවය පෙන්වූ අතර මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් විශිෂ්ට නිර්මාණයන් රැසකින්ම අපට ඇයව දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා. අවුරුදු දෙක තුනක් කලාවෙන් තාවකාලිකව සමුගෙන හිටපු ඇය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ  ෆෝර්ක් වීදිය ටෙලි නාට්‍යයේ නුවන්ගි කියන චරිතය හරහාද දැකබලාගන්න අපිට පුළුවන්.

ඒ චරිතය පිළිබඳව ඉතාමත් ආදරණීය ලෙස වචන කීපයක් කියන්නටත් ඇය අමතක කළේ නැහැ.ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්. නුවංගි කියන චරිතය මටත් ටිකක් විශේෂයි. නුවංගි කියන්නේ පවතින තත්වය යටතේ තමන්ගේ ස්වාමියා එක්ක එකතු වෙලා රැකියාවකින් ලැබෙන දෙයට වඩා යමක් උපයන උත්සාහ කරන දිරිය කාන්තාවක්. වර්තමාන ආර්ථික සමාජයීය පරිසරය තුළ නුවන්ගි කියන චරිතය ඇතුළේ අපි කවුරුත් ඉන්නවා. ඇත්තම කියනවා නම් නිළියක් වන මම වුණත් හැබෑ ජීවිතයේ ඒ චරිතයේ ඉන්නවා.

ඒ විදිහට තමන්ට ගොඩ කාලෙකින් ලැබුණු ඒ විශිෂ්ට චරිතය පිළිබඳව සුජානි අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්. වැඩිදුරටත් ඇය සඳහන් කරන්නේ ගොඩක්  දෙනෙක් හිතනවලු නිළියක් කිවුවහම ඒගොල්ලො විශාල වශයෙන් මුදල් හම්බ කරලා සැප විඳින කට්ටියක් කියලා. නමුත් ඇය නම් සඳහන් කරන්නේ ගොඩක් අය කලාවට අමතරව කලාව තුළින් යැපෙන්නට බැරි නිසා අමතර රැකියාවන් දෙක තුනක් කරන තත්වයකට අද  පත්වෙලා ඉන්නවා කියලයි. රඟපෑම කියන්නේ ස්ථිර නැති රැකියාවක් ඉතින් ඇය කියන්න සමහර කාලවලදී එක දිගට වැඩ ලැබෙන්නත් පුළුවන් සමහර කාල වල දී එක දිගට වැඩ නොඑන්නත් පුළුවන් කියලයි.

ඉතින් මේ සොඳුරු කලාකාරිනිය විවාහ වෙලා ඉන්නේ ක්ෂේත්‍රයේම දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමඟයි. ඔවුන් දෙදෙනා දෙදෙනා  හොඳින් තේරුම් අරගෙන ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා  ඒ සොදුරු ජීවිතය පිළිබඳව ඇය අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්. 

අපි විවාහ වෙලා අවුරුදු දාහතරක් වෙනවා. මේ කාලයටම කවදාවත් ගෙදර වැඩ කරන්න ගිහින් අපි අතර ප්‍රශ්න ඇති වෙලා නැහැ. බිමල්ට මට වඩා හොඳට කෑම උයන්න පුළුවන්. එයා හරියට එයාගේ පෞද්ගලික ජීවිතයට කැපවෙනවා. එයා හරියට නිදහසේ ජීවත් වෙන්න කැමැති කෙනෙක්. වැඩ අධිකව කළත් අවශ්‍ය විවේකය කොහොමහරි ලබාගන්න කෙනෙක්. ඒ නිසා සමහර කාල වල බිමක් ලොකු විවේක කාලයක් ගන්නවා. ඒ කාලවල මම වැඩ කරනවා. අපේ ගෙදර කවදාවත්ම මෙයා මේ වැඩ කොටස කරන්න ඕනේ කියලා බෙදාගෙන කරල නැහැ. අපි දෙන්නටම ඒ ඒ අවස්ථාව අනුව කොස්සක්  අරන් අතුගාන්න උයන්න පිහන්න වුනොත් ගෙදර ඉන්න කෙනා කවුරු වුනත් එයා ඒ දේ කරනවා.

බිමල් ජයකොඩි මහත්මයා සමග ගත කරන ඒ සොඳුරු ජීවිතය පිළිබඳව ඇය අදහස් දැක්වූවේ එයාකාරයෙන්. කෙසේ නමුත් ඉතාමත් සතුටින් කාලය ගත කරන මේ සුන්දර කලා තරු යුවලගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Rate this item
(7 votes)