May 19, 2024

“බිමල් තමයි මගේ ජීවිතේ හැමදේම - මටත් වඩා ඔහුට මාව තේරෙනවා” - සුජානි මේනකා

September 16, 2021

පුංචි තිරයේ කිසිදිනක අමතක නොවන චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක්  තමයි සුජානි මේනකා කියලා කියන්නේ. සුජානි ගැන කතා කරද්දී ඇගේ ආදරණීය සැමියා වන බිමල් ජයකොඩි මහත්මයා ගැනත් කතා නොකරම බැහැ.

මේ අපූරු කලා තරු යුවලට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර නිරන්තරයෙන්ම ලැබෙනවා. ඔවුන් එතරම් ම ජනතාව කැමති  නිහතමානී කලා තරු යුගලක්. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම මේ වනවිට රට තුළ පවතින තත්වෙ නිසා නිවසටම වෙලා කාලය ගත කරනවා කියලා ආරංචියි.

ටික කාලයක් කලාවෙන් ඈත් වෙලා හිටපු සුජානි මේනකා මේ වෙද්දි අපිට විවිදාකාරයේ නාට්‍යවලින් දැකගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. බොහෝ අවස්ථාවන්වල දී අපි ඇය දකින්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පෝර්ක් වීදිය’ ටෙලි නාට්‍යය හරහායි. ඇය මේ ටෙලිනාට්‍ය ගැන කතා කරද්දි සඳහන් කරේ ගොඩ කාලෙකට පස්සේ කෑදරකමකින් බාර ගත්ත චරිතයක් මේ ටෙලි නාට්‍යය තුළ  ඇයට හිමි වුණා කියලයි.

ඒ වගේම සුජස්නි සඳහන් කරන්නේ රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට ආසාවෙන් රඟපෑ හැකි චරිත ලැබෙන්නේ  බොහොමත් කලාතුරකින් නිසා මේ ආකාරයේ චරිතයක් ඇයට ලැබීමට ඇය ගොඩක් වාසනාවන්ත වුණා කියලයි.

කෙසේ නමුත් තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න මේ අපූරු කලා තරු යුවළ අමතක කරන්නේ නැහැ. ඉතින් සුජානි මේනකාගේ ආදරණීය සැමියා බිමල් ජයකොඩි  මහත්මයත් අපට නිරන්තරයෙන් ම මේ වෙද්දි හිරු නාලිකාවේ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මත විකාශය වන  “රැල්ල වෙරළට ආදරෙයි ” ටෙලි නාට්‍ය හරහා දැකගන්නත් පුළුවන්.

සුජානි මේනකා මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පුංචිම පුංචි කාලේ තප්පර කීපයක වෙළඳ දැන්වීමක් හරහා. ඇගේ පියා වන සරත් සමරවික්‍රම දහනායක නැමැති පුද්ගලයා චිත්‍රපටි කලා අධ්‍යක්ෂක වරයෙක් නිසා ඇයට මේ ශේත්‍රයට ලේසියෙන්ම පිවිසෙන අවස්ථාව උදා වුණා.

අපිට වැඩිපුර සුජානි මෙගා ටෙලි ටෙලිනාට්‍යවලින් දැක ගන්නට හැකියාවක් නැහැ. මෙගා නාට්‍යවලට සම්බන්ධ නොවීම සුජානි සහ බිමල් යන දෙදෙනාගේම පවුලෙ ප්‍රතිපත්තිය ද කියලා අහපු අවස්ථාවක ඇය පිළිතුරු දෙන්නේ මෙන්න මේ ආකාරයටයි. “එහෙම නෑ. ඒක මගේ පෞද්ගලික මතයක්. සරා නාට්‍ය කොටස් 635 ක් විකාශය වුණා. මෙගා නාට්‍යයක් දීර්ඝ කාලයක් ඇදෙන කොට එහි ගුණාත්මක බව අඩු වෙනවා. සරා ටෙලිනාට්‍යයටත් එකී තත්ත්වය උදා උනා. තිබ්බා ගැහුවා ක්‍රමයට නාට්‍ය හැදෙනකොට රඟපෑමේ ආශාව අඩු වෙනවා. රංගනය මං ආසාවෙන් ආදරයෙන්  කරන වෘත්තියක්. කොටස් 100 ඉක්මවූ නාට්‍යවලට සම්බන්ධ නොවීම මගේ ප්‍රතිපත්තියක්.” 

මෙගා නාට්‍ය පිළිබඳව ඇගේ ප්‍රතිපත්තිය ඇය සඳහන් කළේ එයාකාරයෙන්. ඉතින් මේ අපූරු කලා තරු යුවල මේ වෙද්දි ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා කියන එක කාටත් නොරහසක්. රංගන කටයුතුවලට සැමියාගේ ලැබෙන දායකත්වය කොහොමද කියලා අහපු අවස්ථාවක සුජානි ඒ පිළිබඳව ආදරෙන් මතක් කළේ මෙහෙමයි. 

“බිමල් තමයි මගේ ජීවිතයේ හැමදේම. මගේ වෘත්තිමය ජිවිතයට වගේම පෞද්ගලික ජීවිතයට ඔහු ලබා දෙන සවිය කියා නිම කළ නොහැකි. මට දැන් මහන්සි පුංචි විවේකයක් අවශ්‍යයි කියා කීවහම මට අවශ්‍ය එකී පරිසරය ගොඩනගන්න ඔහු මහන්සි වෙනවා. ඔහු මගේ සෙවනැල්ල කියන්න බැහැ. මං වගේම මාව බලාගන්නේ  ඔහු ඇතැම් විට මටත් වඩා ඔහුට මාව තේරෙනවා.”

තමන්ගේ ආදරණීය සැමියාගෙන් ලැබෙන සෙනෙහස පිළිබඳව ඇය සඳහන් කළේ එයාකාරයෙන්. ඉතින් ඉදිරියේදී තෝරා බේරා ගත්තු නිර්මාණ කීපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන බවට සුජානි මේනකා තවදුරටත් සඳහන් කළා.

Rate this item
(8 votes)
Last modified on Wednesday, 15 September 2021 21:48