May 17, 2024

අධිකරණයට ගොස් සිය පුතු මරා දමන්නැයි ඉල්ලූ මවකගේ සංවේදී කතාව

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ තෙලන්ගානා ප්‍රදේශයේ අධිකරණය වෙත සිය 09 හැවිරිදි පුතාවත් රැගෙන මවක් පැමිණ සිට තිබුණේ සංවේදී ඉල්ලීමක් ද සමඟයි.

එහිදී මව ඉල්ලා සිටියේ සිය පුතාගේ ජීවිතය ගලවා ගැනීම සඳහා වෛද්‍ය ආධාර ලබාදෙන ලෙසයි. එසේ වෛද්‍ය ආධාර ලබාදිය නොහැකි නම් තමන්ගේ පුතා හට සුවදායක මරණයක් (Euthanasia) ලබාදෙන ලෙස පවසා තිබේ.

අරුණා නම් මෙම කාන්තාවගේ 09 හැවිරිදි පුතාහට දුර්ලභ ගණයේ රුධිරය ආශ්‍රිත රෝගයක් වැළැඳී තිබුණු අතර එම දරුවා ඉන් දැඩි පීඩාවකට පත්ව සිටියේය. වයස අවුරුදු 04 දී මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන තිබුණු අතර එතැන් පටන් දරුවා ජීවත් කරවීම සඳහා දෙමාපියන් විසින් විශාල කැප කිරීමක් කර තිබුණි.

ඔවුන් සිය රත්‍රං බඩු, නිවාස, සහ ඉඩම් ද දරුවාගේ ප්‍රතිකාර කිරීම සඳහා විකුණා දමා තිබූ අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 04ක ණය මුදලක්ද ලබාගෙන තිබුණි.

නමුත් කිසිවකින් දරුවාගේ ජීවිතය ගලවා ගත නොහැකි බව වැටහුණු අරුණා විසින් තෙලන්ගානා අධිකරණය වෙත සිය දරුවාද රැගෙන පැමිණ තිබුණේ දරුවාට වෛද්‍ය ආධාර ලබාදිය නොහැකි නම් සුවදායක මරණයක් හෝ ලබාදෙන ලෙස ඉල්ලමිනි.

නමුත් ඇයගේ එම ඉල්ලී දෙක ඉදිරිපත් කළ පැයක් ගත වීමට මත්තෙන් ඇය දුක්ඛිත ඉරණමකට මුහුණ දී තිබුණි.

තෙලන්ගානා පොලීසිය විසින් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ ඇය සිය ඉල්ලීම අධිකරණය වෙත ගොනු කර දරුවා සමඟ නැවත ත්‍රිරෝද රථයකින් පැමිණමෙන් සිටියදී දරුවා එම ත්‍රිරෝද රථය තුළම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බවයි.

පොලීසිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ දරුවාගෙන් රුධිර වහනයක් වී තිබු බවත් එම හේතුවෙන් මිය යන්නට ඇති බවයි.

මෙම සිදුවීම ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වී තිබූ අතර බොහෝ දෙනෙකු මෙම සිදුවීමෙන් දැඩි ලෙස කණගාටුවට පත්ව තිබුණි.

Rate this item
(1 Vote)