May 17, 2024

ප්‍රචණ්ඩ සුළි කුණාටුව මැද රැඟුම් පෑ සූරූපී නිළියගේ වීඩියෝවට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් (VIDEO)

ඉන්දියාව තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළද වඩාත් ජනප්‍රියත්වයට පත් වූ නිළියක වන දීපිකා සිං හට ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

කොරෝනා හේතුවෙන් ඉන්දියාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක පසුගිය අඟහරුවාදා ඉන්දියාව හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුව වන ටෝක්ටේ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බොහෝ ජනතාවක් පීඩාවට පත් විය. 

එහිදී දීපිකා විසින් පළ කර තිබූ ඡායාරූප සහ වීඩියෝව වෙත අදහස් පළ කරමින් බොහෝ දෙනෙකු පවසා තිබුණේ තමන් සුළි කුණාටුවෙන් මිනිස්සු පීඩාවට පත්ව මිය යන අවස්ථාවක මෙවන් දේවල් කිරීම ලැජ්ජාවට කරුණක් බවයි.

දිපීකාගේ සැමියා විසින් ලබාගෙන තිබූ ඡායාරූපය

එමෙන්ම තවත් පිරිසක් විසින් සඳහන් කර තිබුණේ සුළි කුණාටුවක් අවස්ථාවක නිවසෙන් පිටතට නොයා සිටිය යුතු බවත් ආරක්ෂා විය යුතු බවත් මෙවන් ක්‍රියාවන් එම හේතුවෙන් ප්‍රවර්ධනය නොකරන ලෙසයි.

දිපීකා සිංගේ සැමියා විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබුණේ ඔවුන්ගේ සුළි කුණාටුව හේතුවෙන් ඔවුන්ගේ නිවස ඉදිරිපිට කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට යන අවස්ථාවේදීය.

දිපීකා විසින් කඩා වැටුණු ගස අසළ කළ කෙටි නර්තනය සහිත වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)