May 17, 2024

බොලිවුඩයේ තනිකඩ පියවරු

බොලිවුඩයේ සිනමා තරු පිළිබඳව පුවත් දැන්ගැනීමට ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයින් ද මහතත් උනන්දුවක් දක්වයි. බොලිවුඩ්යේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගේ තොරතුරු , විලාසිතා , පවුල් ජීවිත වැනි පුවත් සිනමා රසික රසිකාවන් බොහෝ ආශාවෙන් කියවයි. අද අප ඔබට පවසන්නේ බොලිවුඩයේ තනිකඩ පියවරුන් පිළිබඳවයි.

 රිතික් රෝෂන්

බොලිවුඩයේ හදගැස්ම ලෙස හඳුන්වනු ලබන රිතික් රෝෂන් ඔහුගේ බිරිඳ සුසෑන් ඛාන් සමඟ ගෙවූ වසර 13 ක දීර්ඝ විවාහය අවසන් කළේය. මෙම බොලිවුඩ් සිනමා තරුව තම පුතුන් දෙදෙනා සමඟ තනිකඩව ජීවිතය ගත කරමින් සිටී. 

කරන් ජොහාර්

බොලිවුඩයේ ජනප්‍රිය මෙම සිනමා තරුව විවාහ නොවී පියෙකු වීමට තීරණය කළේය. කරන් ජොහාර් ද මේ වන විට දරුවන් දෙදෙනෙකු ගේ තනිකඩ පියෙකි.

තුශාර් කපූර්

තුශාර් කපූර් හටද පියෙකු වීමට අවශ්‍ය වූ අතර ඔහු විවාහයකට කිසිසේත්ම කැමති වූයේ නැත. ඔහුට උවමනා වූයේ විවාහ නොවී පියෙකු වීමටය. තුශාර් කපූර් ද තනිකඩ පියෙකු වන අතර ඔහුගේ එකම සතුට පුතු සමඟ කාලය ගතකිරීම බව පවසා ඇත.

‍රාහුල් බෝස්

2007 වර්ෂයේදී අන්දමන් හා නිකෝබාර් දූපත් වලින් දරුවන් හයදෙනෙකු දරුකමට හදා ගැනීමට රාහුල් බෝස් තීරණය කළේය.

මෙම දක්ෂ රංගන ශිල්පියා එම දරුවන් හය දෙනාට තනි පියෙකු වන අතර ඔහු දැන්ටත් තනිකඩව ජීවිතය ගෙවයි.

කමල් හසන්

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරිතම නළුවෙකු වන කමල් හසන් තම බිරිඳ වන සාරිකා ගෙන් වෙන් වී ඇත. ඔහු තම සුන්දර දියණියන් දෙදෙනා වන සෘති සහ අක්ෂරා සමග සතුටින් කාලය ගෙවයි. මෙම සුපිරි නළුවා ද තනිකඩ පියෙකි.

රාහුල් දේව්

බොලිවුඩයේ තවත් ජනප්‍රිය නලුවෙකුවන රාහුල් දේව් ගේ බිරිඳ 2009 වසරේ දී අභාවප්‍රාප්ත විය. බිරිඳගේ අභාවයෙන් පසුව තම පුතුට මව නැති අඩුව දැනෙන්නට නොදී පිය සෙනෙහස ලබාදෙමින් පුතු රැක බලා ගන්නා බව වාර්තා වේ. . 

Rate this item
(0 votes)