April 27, 2024

“දුෂණය කළ තරුණියව ඔබට බඳින්න පුළුවන්ද?” - රජය සේවකයාට දුන් උසාවි තීන්දුව

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇප ලබා ගැනීමට පැමිණි ඉන්දීය රජයේ සේවකයෙකු හට වෙනස්ම ආකාරයක තීන්දුවක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කර තිබේ.

මෝහිත් සුභාෂ් චවාන් නම් විදුලි ඉංජිනේරුවා විසින් පාසල් සිසුවියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ලිංගික අපරාධවලින් ළමයින් ආරක්ෂා කිරීම නීතිය යටතේ නඩු පවරා තිබේ. එම නඩුව සම්බන්ධව තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලීම පෙත්සම්ක් ඉදිරිපත් කර ඇති අවස්ථාවේ මෙම තීන්දුව ලබා දී ඇත.

එහිදී අධිකරණය අපරාධකරුගෙන් විමසා ඇත්තේ ඔහු විසින් දුෂණය කළ තරුණිය විවාහ කරගන්නවාද ලෙසිනි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් නඩුව විභාග කළ ඉන්දීය අගවිනිසුරු එස්.ඒ. බොබ්ඩේ විසින් පෙත්සම්කරු වෙත පවසා ඇත්තේ  "ඔබට විවාහ වීමට අවශ්‍ය නම් අපට ඔබට උදව් කළ හැකිය. එසේ නොවේ නම්, ඔබේ රැකියාව අහිමි වී සිරගෙට යන්න. ඔබ දැරියව පොළඹවා, දූෂණය කළා" ලෙසිනි.

අගවිනිසුරුවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ අධිකරණය මෙලෙස විවාහ කර ගැනීමට යැයි කීම පෙත්සම්කරු කරන බලපෑමක් නොවන බවයි. දැරියට වයස අවුරුදු 18ක් පිරී ඇත්නම් ඇයව විවාහ කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර දිය හැකි බවද පෙත්සම්කරු වෙත අධිකරණය දන්වා තිබුණි.

එහිදී පෙත්සම්කරු පවසා තිබුණේ මෙම සිදුවීම වූ අවස්ථාවේ පොලීස් පැමිණිල්ල දැමීමට පෙර තමන් විසින් එම දැරියට විවාහ වීම සඳහා යෝජනා කළ බවත් නමුත් දැරිය එය ප්‍රතික්ෂේප කර නඩු මාර්ගයට පිවිසුණු බවයි. නමුත් දැන් තමන්ට මෙම විවාහය කර ගැනීමට නොහැකි බවත් තමන් දැනටමත් වෙනත් විවාහයක් කර ඇති බවත් පෙත්සම්කරු පවසා තිබුණි.

තමා රජයේ සේවකයෙකු බැවින් අත්අඩංගුවට පත් වූ පසුව තමන්ගේ සේවය අත්හිටුවනු ඇති බව තමන් දන්නා බවත් එහිදී පෙත්සම්කරු සඳහන් කර සිටියේය.

එහිදී අගවිනිසුරුවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ ඔහුට අපේක්ෂිත ඇප ලබා ගැනීම සඳහා ඔහුව අත්අඩංගුවට ගැනීම සති 04කට වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දෙන බවයි. එම කාලය තුළදී ඔහුට පහළ උසාවියකින් ඇප අයදුම් කළ හැකි බවත් දන්වා සිටියේය.

මෙවැනි නඩු බොහෝමයක් ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණෙන බවට ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 15:36