May 07, 2024

බිහිසුණු පිපිරීමෙන් Facebook චන්ද්‍රිකාව අළු වූ හැටි (VIDEO)

Facebook සමාගම විසින් කක්ෂගත කිරීමට අපේක්ෂා කළ ඔවුන්ගේ පළමු චන්ද්‍රිකාව ඊයේ පුපුරා විනාශ වුණා.

ඒ අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී.

චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට යොදාගන්නට සැලසුම් කර තිබූ රොකට්ටුව හදිසියේ පුපුරා යාමත් සමග යි Facebook චන්ද්‍රිකාව විනාශ වූයේ.

තත්ත්පර කිහිපයක් ඇතුළත පිපිරුම් ගණනාවක් සිදුව තිබෙන අතර ඒවායේ කම්පනයෙන් අවට ගොඩනැගිලි පවා දෙදරුම් කෑ බව වාර්තා වෙනවා.

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතා සිය නිල Facebook ගිණුම ඔස්සේ පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් තමා බලවත් කළකිරීමට පත් වූ බව යි.

Facebook සමාගම විසින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට බලාපොරොත්තු වූයේ පෘතුවියේ සැමට අන්තර්ජාල පහසුකම් ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් වෙනුවෙන්.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර පිපිරීම සිදුවන අවස්ථාවේ රොකට්ටුවේ ඉන්ධන ටැංකි පුරවා තිබීම මෙතරම් දරුණු විනාශයක් වීමට හේතු වී ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)