April 28, 2024

හොල්සිම් සමාගම විසින් ඉදිකළ නිවාස ජනතා අයිතියට 

September 20, 2015

හොල්සිම් සමාගමේ අනුග්‍රහයෙන් අක්මීමන, කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉදිකළ නිවාස 13 ක යතුරු නිවාසලාභී ජනතාව වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 18 වැනි දා සිදු කර ඇත.

නිවාස සංකීර්ණය වෙත ගිය ජනාධිපතිවරයා විසින් එහි පළමු නිවස විවෘත කළ අතර ඉන් අනතුරුව නිවාසලාභී ජනතාව වෙත යතුරු ප්‍රදානය කළේ ය.

මැති ඇමතිවරුන් පිරිසක් ද හොල්සිම් සමාගමේ විධායක අධ්‍යක්ෂ පිලිප්ස් රිචාඩ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

Rate this item
(0 votes)