ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පිරිස එහි රැදී සිටිමින් කටයුතු කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් නොවූ බවත් එලෙස තාවකාලිකව යාමට ඒමට අයිතියක් ඇති බවත් එම සිද්ධි නිසා කුතුහලය ඇති වන බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් කණ්ඩායමක් එන්න හදන නිසා තමන් උපක්‍රමශීලි විය යුතු බවත් කියා සිටියේය.
තමා සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාකච්ඡා කළ බවත් නමුත් 17 දෙනාම ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත් පෙරේදා(19) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් තමන් ඉවත්වන බවයි.
ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව ඔහු කියා සිටියේය.
තම දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් විසින් තමාගෙන් විමසීමකින් තොරව බිම් මට්ටමද, හරිහැටි හඳුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපහසුතාවක් මේවන විට නිර්මාණය වී ඇති බවත් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන් තාවකාලිකව ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එසේ වුවද, තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන බව මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ(18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සහාය පළ කළේය.
මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මහත්වරුන් හමුවි පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
අජිත් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා සමග ජනාධිපතිවරයාගේ නිවසට ගොස් තිබේ.
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.
දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් පසුවන බව ද අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට එක් වූයේ එහි මධ්‍යම කාරක සභාවේ තීන්දුවකට අනුව බැවින් ඉන් ඉවත් වන්නේද සාමූහික තීන්දුවකට අනුව බව එම පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනෙකු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වූ සුමේධා ජී.ජයසේන, තාරානාත් බස්නායක හා ඉන්දික බණ්ඩාරනායක යන නියෝජ්‍ය ඇමැතිවරු මේ බව අවධාරණය කළහ.
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට මේ දිනවල ආන්දෝලනයකට ලක්වී තිබෙන පිරිස අතර තමන්ගේ නම් ද ප්‍රකාශ වී ඇති බවත් එම ප්‍රකාශයන් හි සත්‍යතාවක් නැතැයිද ඔවුහු කියා සිටිති.
එක්සත් ජාතික පක්ෂය සමග දිගටම ආණ්ඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානමක් නැති බවත් එහිදී ප්‍රකාශ කළ අතර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී.ජයසේන මහත්මිය පැවසුවාය.
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු සාකච්ඡාවක හැර වෙනත් කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගි වී නැතැයි එහිදී අදහස් දැක්වූ ඉන්දික බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ ය.
සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ගේ පසුපස සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා වන දොස්‌තර පාදෙණිය මහතාගේ එකම අරමුණ වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී තරග කිරීම බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
සයිටම් ආයතනයට එරෙහිව දැවැන්ත වර්ජනයක් රටේ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ වෛද්‍යවරුන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.
සයිටම් විරෝධී වර්ජනවලට මේ රටේ පොදු ජනතාවගේ සහයක් නොලැබෙන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය තකා සයිටම්වලට එරෙහිව වර්ජනයක් දියත් කරන බවත් හෙතෙම කියා සිටියේය.
තම රෝහල රජයට පැවරීමෙන් පසු ඩෙංගු රෝගීන් සඳහා එය වෙන් කිරීමට රජය අදහස් කිරීම ඉතා වැදගත් බවද දැනටමත් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින අතර මහාචාර්ය කෝලිත සෙල්හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල තුළ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වන බවත් දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ.
ඒ අනුව 2017/2018 වසරේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා පත්විය.
නව නිලධාරි මණ්ඩලය
සභාපති - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා
ලේකම් - වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
සංස්කාරක සහ මාධ්‍ය ප්‍රකාශක - වෛද්‍ය සමන්ත ආනන්ද මහතා
උපලේකම්වරු - වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය චන්දන ධර්මරත්න, වෛද්‍ය කාංචන බුලංකුලම යන මහත්වරු
උපසභාපතිවරු - විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර සහ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු
භාණ්ඩාගාරික - වෛද්‍ය නාත් විජේසූරිය මහතා
සහකාර සංස්කාරක - වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග පවසයි.
උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.
උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මෙම මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම විශ්වාසභංගයට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් බහුතරයක් අත්සන් යොදා ඇති අතර එම පක්ෂයේ නායකත්වයේ පෙලබවීමක් මත මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල්වී ඇති බවද වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ කැබිනට් සංශෝධනයෙන් පසුව මහින්ද පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනය විය.
හිටපු ජනාධිපතිවරයා ටිකවේලාවක් සභා ගර්භයේ ගතකර එළියට එනවිට පාර්ලිමේන්තු ලොබියේ සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හමුවී තිබේ.
පසුව ‘කොහොමද අනුර“ යැයි කියමින් මහින්ද අනුර සිටි තැනට ගොස් ඇති අතර එහිදී අනුර හා මහින්ද කෙටි සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අසල බලා සිටි නමුත් ඔවුන් දෙදෙනාගේ කතාවට බාධා කිරීමට ඒ අසලට ගොස් නොමැත.
දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් මහතා පැවසී ය.
පොලීසිය සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් බදුරළිය, ඩෙල්කිට්වත්ත නාය යාමෙන් නිවාස 3 ක් පස්වලට යටවී ඇති අතර එම නිවාසවල 11 දෙනෙකු පදිංචිව සිට ඇති බවයි.
ඉන් එක් අයෙකු බේරාගෙන ඇති අතර මෘත ශරීර දෙකක් සොයාගෙන තිබේ. එමෙන්ම කොස්ගුලන ප්‍රදේශයේ නායයාමකින් නිවාස 3 කට අලාභ හානි සිදුව ඇත. බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, ගල්කැටිය, මෝල්කාව, ඉහළ වෙල්ගම, යටගම්පිටිය, දියකඩුව, නාගහදොළ, කුකුලේගල, පාහියන්ගල පාර සහ කලවැල්ලාව යන ප්‍රදේශවල අඩි 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ.
මේවන විට ලැබී ඇති තොරතුරු අනුව තිබ්බොටුවාව කන්ද නායයාමෙන් නිවාස 3 කට හානි සිදුව ඇති බවයි. එහි සිට නිවැසියන් 12 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවද පොලිසිය නිවේදනය කළේය.
මේ අතර මොරවකවත්ත නායයාමෙන් කාන්තාවක් මරණයට පත්විය. කොබවක ප්‍රදේශයේ නායයාමකින් නිවාස 2 ක් යටවී ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන්ව තිබේ.
යටගම්පිටිය, නායදොළ, ලොග්ගෙවත්ත නිවාස 2 ක් නායයාම හේතුවෙන් පුද්ගලයන් 3 ක් අතුරුදන් බව පොලිසිය පැවසී ය.
බෝගහවත්ත මහගම ප්‍රදේශයේ නිවාස 4 ක් නායගොස් ඇති අතර පුද්ගලයන් 10 ක් පමණ අතුරුදන්ව ඇතැයි ද එක් පුද්ගලයෙක් තුවාල ලබා බුලත්සිංහළ රෝහලට ඇතුලත් කර ඇත.
වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොකාවිල ප්‍රදේශයේ අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මතුගම සිට අධිවේගී පිවිසුමට ගමනාගමන කටයුතු ඇණහිට තිබේ.
මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු පැවසී ය.
එමෙන්ම ආපදාවට ලක්වූවන් සහ එම ස්ථාන පිළිබදව තොරතුරු රැස් කිරීම සඳහා ගොඩබිමට සහ ජලයට ගොඩබැස්සවිය හැකි යානාවක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසි ය.
එසේම 0112 343 970 දුරකථන අංකයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත හැකියි. මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට මුහුණදීමට විශේෂ ආපදාකරණ කමිටුවක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පත් කර තිබේ.
ඔවුන් සඳහන් කළේ ආපදා තත්ත්වය යටතේ විවිධ හදිසි අනතුරු, දියේ ගිලීම්, වසංගත රෝග පැතිර යාමේ අවදානම් මතුවිය හැකි බවයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු ආයතන තුනක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතට පවරන්නැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව තම අමාත්‍යාංශය යටතට පත් කරන ලෙස අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
පසුගිය සඳුදා (22) සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.
රවීගෙන් කොන්දේසි?
මේ අතර විදේශ කටයුතු නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට මේ වන තෙක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ නොතිබුණු විෂයන් සහ ආයතන රැසක් බාරදීමට නියමිත බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලද විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ සියලුම ආයතන එලෙසම නව අමාත්‍යවරයා යටතේ ගැසට් කිරීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි කේෂ්ත්‍රයේ ආයතනද අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට පත් කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා සුරැකුම්පත් හා විනිමය කොමිසම ද විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.
කෙසේ වෙතත් ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ආයතන විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරන ලෙස ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී නොමැති බවයි.
රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේ දී සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසූයේ නව ඖෂධවෙිදීන් 52 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙි උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා "කැබිනට් සංශෝධනයට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් එකඟත්වය පළ කර තිබෙනවා. රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනය සිදු කරනවා. වෙසක් පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව මම මීට පෙර ප්‍රකාශ කළා. කැබිනට් සංශෝධනයක් වෙසක් පොහොයට පෙර සිදු කරන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුනා. නමුත් එය සිදු වූයේ නැහැ.”
"රාජ්‍ය සේවකයින් සදහා වත්මන් රජය රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා. සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමට අනුව අතිකාල දීමනා වැඩි විය යුතු බවට ඉල්ලීම් කළා. අපි සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදුවා. සෞඛ්‍ය සේවකයින්ගේ පමණක් 2017 වසරේ අතිකාල දීමනා ගෙවීමට අමතර මුදල් ලෙස රුපියල් බිලියන 04 ක් අවශ්‍ය වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පොරොන්දු වුනා 2016 ජනවාරි මාසයේ සිට වැඩි කළ අතිකාල දීමනා ගෙවීමට ඒ සදහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරයි.” යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති කේ.එච්.නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේම එම්. හේරත් බණ්ඩාර මහතා නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කැලණියේදී ඊයේ (27) පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.
පසුගිය දිනක පැවති කැබිනට් සාකච්ඡාවකදී හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානි තනතුර බාරගැනීමට සූදානම්දැයි ජනපතිවරයා තමන්ගෙන් විමසූ බවත් ඊට තමන් එම අවස්ථාවේදී ‘නැහැ‘ යැයි ප්‍රකාශ කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.
“වෘත්තීය සමිති ඇත්තේ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීමටයි. නමුත් ඔවුන් දේශපාලන හෙංචයියන් වී දේශපාලන අරමුණු සඳහා රජය කඩාකප්පල් කර රජය පෙරළීමට හදනවානම් එය වෘත්තිය සමිති අයිතිවාසිකමක් නොවේ. ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
“ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි. මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට නැවත පක්ෂයට එක්ව මහ ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබේ.
නැවත වරක් මහලේකම් ධුරය භාරගෙන එහි කටයුතු කරන ලෙසට කළ ආරාධනයට තිස්ස අත්තනායක මහතා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා අවසන් එකඟතාවක් මේ වන තෙක් දී නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
ලබන ජුලි මස 17වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(20) සිතාසි නිකුත් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් තිස්ස අත්තනායක මහතා කූඨ ලේඛණ සැකසූ බවට ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා මෙලෙස සිතාසි නිකුත් කොට තිබේ.
මෙම පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන්වන ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත් කොට තිබුනද රාජකාරි කටයුතු හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔවුන් අධිකරණයට දන්වා තිබිණි.
ඒ අනුව අදාළ නඩුව ජූලි මස 17 වන දින විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු වන කබීර් හෂීම් අධිකරණයට පැමිණි බව වාර්තාවේ.
කොළඹ බෞද්ධාලෝක මාවතේ සව්සිරිපාය පරිශ්‍රයේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මේ වනවිට අකිල විරාජ් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අගමැතිවරයාගේද අනුදැනුම මත අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව දැනගන්නට ලැබී ඇතැයි එම ආයතනයේ සේවකයින් පවසයි.
බෞද්ධාලෝක මාවතේ පිහිටි සව්සිරිපාය පරිශ්‍රය අමාත්‍යංශ දෙකක් යටතේ ඇති ආයතනයකි. එහි භූමිය ටවර් හෝල් රඟහල පදනමට අයිතිවූ අතර එහි ගොඩනැගිල්ල ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන ලද්දකි.
මේ වනවිට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සව්සිරිපාය ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලබන අතර රටේ දළජාතික ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයමින් සිටී. එකී ගොඩනැගිල්ලේ කොටසක් සංස්කෘතික අමාත්‍යංශය යටතේ පැවැති අතර වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශ වෙන්කිරීම් යටතේ එම කොටස අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්විය. මේ වනවිට අකිල විරාජ් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අගමැතිවරයාගේද අනුදැනුම මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව සේවකයින්ට දැනගන්නට ලැබී ඇත.
එමනිසා අධිකාරියේ සේවකයින් පිරිසක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී සේවකයින් මන්ත්‍රීවරයා මෙලෙස කරුණු පෙන්වා දී ඇත.
“අධිකාරියෙන් විශාල වැඩකොටසක් කරනවා. අපි සව්සිරිපායේ ශ්‍රවණාගාරය කුලියට දීලා ආදායමකුත් හොයනවා. එහෙම තියෙද්දී අකිල විරාජ් ඇමතිතුමාගේ උවමනාවකට සේවකයින් පිරිසත් අධිකාරියත් ඉවත් කරන්න යනවා. මේකෙන් විශාල පාඩුවක් ඉදිකිරීම් අධිකාරියට සිදුවෙනවා. අපිට ආරංචි විදියට නාට්‍ය පාසලක් නිසා තමයි මෙහෙම කරන්නේ. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන කොටසේ ළමයි පිරිසකගෙන් මුදල් අයකරගෙන නාට්‍ය පාසලක් පවත්වාගෙන යනවා. එක ළමයෙකුගෙන් රුපියල් අසූඅටදාහක් විතර ගන්නවා කියලා තමයි ආරංචි. ඒ පුහුණුවීම් කරන්න කාර්යාලය පරිශ්‍රය බාදාවක් නිසා ළමයි තිහ හතලිහක් වෙනුවෙන් අපේ ආයතනය ඉවත් කරන්න යනවා.”
දිගින් දිගටම කරුණු දැක්වූ එම ආයතනයේ සේවකයින් සඳහන් කර ඇත්තේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය අයිති සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයාට බවත් රනිල් මහත්තයා සජිත් ඇමතිතුමාට කැපිල්ලට අකිල විරාජ් ඇමතිවරයාගේ කැමැත්තට ඉඩ දී ඇති බවත්ය.
“අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නම්. ප්‍රශ්නයක් දාන්නත් පුළුවන්. ඊට අමතරව අවස්ථාවක් ලැබුණාම මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න පුළුවන්” විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී සේවකයින්ට පොරොන්දු වී තිබේ.