April 18, 2024

අයහපත් කාලගුණයෙන් මේවනවිට 26ක් මරුට

දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් මහතා පැවසී ය.

පොලීසිය සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් බදුරළිය, ඩෙල්කිට්වත්ත නාය යාමෙන් නිවාස 3 ක් පස්වලට යටවී ඇති අතර එම නිවාසවල 11 දෙනෙකු පදිංචිව සිට ඇති බවයි.

ඉන් එක් අයෙකු බේරාගෙන ඇති අතර මෘත ශරීර දෙකක් සොයාගෙන තිබේ. එමෙන්ම කොස්ගුලන ප්‍රදේශයේ නායයාමකින් නිවාස 3 කට අලාභ හානි සිදුව ඇත. බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, ගල්කැටිය, මෝල්කාව, ඉහළ වෙල්ගම, යටගම්පිටිය, දියකඩුව, නාගහදොළ, කුකුලේගල, පාහියන්ගල පාර සහ කලවැල්ලාව යන ප්‍රදේශවල අඩි 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

මේවන විට ලැබී ඇති තොරතුරු අනුව තිබ්බොටුවාව කන්ද නායයාමෙන් නිවාස 3 කට හානි සිදුව ඇති බවයි. එහි සිට නිවැසියන් 12 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවද පොලිසිය නිවේදනය කළේය.

මේ අතර මොරවකවත්ත නායයාමෙන් කාන්තාවක් මරණයට පත්විය. කොබවක ප්‍රදේශයේ නායයාමකින් නිවාස 2 ක් යටවී ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන්ව තිබේ.

යටගම්පිටිය, නායදොළ, ලොග්ගෙවත්ත නිවාස 2 ක් නායයාම හේතුවෙන් පුද්ගලයන් 3 ක් අතුරුදන් බව පොලිසිය පැවසී ය.

බෝගහවත්ත මහගම ප්‍රදේශයේ නිවාස 4 ක් නායගොස් ඇති අතර පුද්ගලයන් 10 ක් පමණ අතුරුදන්ව ඇතැයි ද එක් පුද්ගලයෙක් තුවාල ලබා බුලත්සිංහළ රෝහලට ඇතුලත් කර ඇත.

වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොකාවිල ප්‍රදේශයේ අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මතුගම සිට අධිවේගී පිවිසුමට ගමනාගමන කටයුතු ඇණහිට තිබේ.

මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු පැවසී ය.

එමෙන්ම ආපදාවට ලක්වූවන් සහ එම ස්ථාන පිළිබදව තොරතුරු රැස් කිරීම සඳහා ගොඩබිමට සහ ජලයට ගොඩබැස්සවිය හැකි යානාවක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසි ය.

එසේම 0112 343 970 දුරකථන අංකයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත හැකියි. මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට මුහුණදීමට විශේෂ ආපදාකරණ කමිටුවක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පත් කර තිබේ.

ඔවුන් සඳහන් කළේ ආපදා තත්ත්වය යටතේ විවිධ හදිසි අනතුරු, දියේ ගිලීම්, වසංගත රෝග පැතිර යාමේ අවදානම් මතුවිය හැකි බවයි.

Last modified on Friday, 26 May 2017 15:50