May 08, 2024

සර්ව පාක්ෂික සමුළුවට ජ.වි.පෙ නැහැ - හේතුවත් කියයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා කැඳවා තිබූ විපක්ෂය නියෝජනය කරන සර්ව පාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වුයේ නැහැ.

ඊයේ (17) කරූ ජයසූරිය මහතා නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කැඳවා තිබූ විපක්ෂයේ මෙම සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් ජනතා විමුක්ති පෙරමුණෙන් විමසීමක් කළා.

ආරාධනාවක් ලැබුණා

එහිදී ජ.වි පෙ වෙනුවෙන් එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම සමුළුවට සහභාගි වන ලෙස ජ.වි.පෙ ටද ආරාධනා කොට තිබූ මුත් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවයි.

ඊට පදනම් වූ හේතු සාධකද වෛද්‍ය ජයතිස්ස පෙන්වා දෙමින් සඳහන් කරන්නේ 2015 එකතු වූ පිරිසම යළිත් එකතු වී සිටින බැවින් එහි විශේෂත්වයක් නොමැති බවයි.

හැට නව ලක්ෂයකට පාර කැපීම

මෙම පිරිස 2015 - 2019 කාලය තුළ කළ ආණ්ඩුවට පින් සිදුවන්නට පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයාට හැට නව ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණු බවයි වෛද්‍ය ජයතිස්ස අවධාරණය කරන්නේ.

එනිසා දැන් රටට අවශ්‍ය වන්නේ පුද්ගල හා පක්ෂ ප්‍රතිරූප මත එකතු වන සර්ව පාක්ෂික සමුළු නොවන බව පෙන්වා දෙන වෛද්‍ය ජයතිස්ස රට අද මුහුණ දී සිටින බරපතල දේශපාලන , ආර්ථික හා සමාජයීය ප්‍රශ්න වලට දිගු කාලීන විසඳුම් ලබා දිය හැකි ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට ඊට අනුකූලව කටයුතු කිරිම බවයි සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 21:57