May 17, 2024

පළාත් සභා මන්ත්‍රීගේ මසක පැය 9යේ රාජකාරි වැටුප රු.1,56,393.50යි : ජවිපෙ හිටපු මන්ත්‍රී හෙළිකරයි

පළාත් සභා ක්‍රමය අවශ්‍ය හා එය සුදු අලියකු බැවින් අවශ්‍ය නොවන බවට මත දරන දෙපාර්ශවයක් සිටින අතර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳවද කතිකාවතක් සමාජ ගත වී තිබේ.

මෙවන් ප්‍රතිරූපයකට හා අවධානයකට යොමුව තිබෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු නිල වශයෙන් රාජකාරි කරන කාල වේලාව සහ ලබා ගන්නා වැටුප් හා දීමනා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් දකුණු පළාත් සභා හිටපු ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් කොට තිබේ.

ප්‍රේමනාත් මහතා විසින් කර තිබෙන හෙළිදරව්වට අනුව පළාත් සභාවේ නිල රැස්වීම් පැවැත්වෙන්නේ මසකට දින 2කකි.

එම දින දෙකේම උදේ 9.30 ට සභා වාරය ආරම්භ වී සවස 2ට අවසන් වන අතර ඒ අනුව මසකට සභාවට සහභාගි විය යුතු පැය ගණන පැය 9 කි.

පැය 9 ක් වැඩ කිරීම වෙනුවෙන් ගෙවන වැටුප රු. එක් ලක්ෂ පනස් හය දහස් තුන්සිය අනූ දෙකයි ශත පනහක් (1,56,392.50) බව ප්‍රේමනාත් මහතා සිය වැටුප් පත පෙන්වමින් සනාථ කොට තිබේ.

මසකට පැය 9 ක් වැඩ කිරීම සඳහා අනෙකුත් දීමනා හා වරප්‍රසාද වලට අමතරව රු.1,56,392.50 ගෙවීම සාධාරණදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

එපමණක් නොව කාර්ය මණ්ඩලයට 4 දෙනකුද ලබා දෙන අතර ඒ වැටුපද මන්ත්‍රීවරයාම ලබා ගන්නා බවත් ඒ අනුව රු. ලක්ෂ 3 කට වඩා වැටුප් හා දීමනාවක් මසකට පළාත් සභා මන්ත්‍රීවරයෙකු පැය 9ක රාජකාරි කිරීම වෙනුවෙන් ලබාගන්නා බව ප්‍රේමනාත් මහතා හෙළිදරව් කරයි.

ඊටත් අමතරව කාර්යාල දීමනා ලෙස රු.50,000 ක්ද ලිපි ද්‍රව්‍යද පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලැබෙන බව පෙන්වා දෙන ප්‍රේමනාත් මහතා සියල්ලටම අමතරව පළාත් සභාවට තේරී පත්වන සෑම වාරයක් සඳහාම රුපියල් කෝටි එක හමාරකට විකිණිය හැකි වාහන බලපත්‍රයක්ද ලැබෙන බව සඳහන් කරයි.



Rate this item
(0 votes)
Last modified on Thursday, 01 April 2021 10:23