May 08, 2024

PCR දෛනිකව අඩු කරනවා: මෙන්න සංඛ්‍යාව: කාවද රවට්ටන්නේ - ජ.වි.පෙ

මේ වන විට රට පුරා දිනකට කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 18000 ,16000 දක්වා අඩු කර තිබෙන බවට තොරතුරු ජනතා විමුක්ති පෙරමුණ හෙළිදරව් කරනවා.

ඉකුත් 16 වැනිදා PCR පරීක්ෂණ කර තිබෙන්නේ 18,000 බවත් එය ඉකුත් 17 වැනිදා 16,800 අඩු කොට ඇති බවයි තම පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළි කරන්නේ.

PCR අඩු කරලයි රෝගීන් අඩු බව පෙන්වන්නේ

කොවිඩ් -19 ආසාදිතයින් අඩු වුන බව රටට පෙන්වීමට උත්සාහ කරන්නේ PCR පරීක්ෂණ අඩු කිරීමෙන්ද යයි වෛද්‍ය ජයතිස්ස ප්‍රශ්න කරනවා.

දැනට දෛනිකව සෞඛ්‍ය අංශ හඳුනා ගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්නේ මේ කරන ඉතා සීමිත PCR පරීක්ෂණ සංඛ්‍යාව පදනම් කොටගෙන බවයි වෛද්‍ය ජයතිස්ස වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හඳුනා නොගත් රෝගීන් රැසක් සමාජයේ

හදුනා නොගත් ආසාදිතයින් අති විශාල ප්‍රමාණයක් සමාජයේ සිටින බව පෙන්වා දෙන වෛද්‍ය ජයතිස්ස වාහන ගෙන්වීම සඳහා වෙන්කොට ඇති රුපියල් කෝටි 350 කොවිඩ් මර්දන එන්නත සහ PCR කට්ටල ආදි වසංගත මර්දනයට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වෙන් කරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ එය මහජනතාවගේ ඉල්ලීම බවද පෙන්වා දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 19 June 2021 12:36