May 07, 2024

විශ්වාසභංගය ගැන ජ.වි.පෙ.න් ඉඟියක් Featured

තෙල් මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ සමස්ත ආණ්ඩුවට එරෙහිව මිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය.

සමස්ත ආණ්ඩුවේම තීන්දුවක්

තෙල් මිල ගණන් ඉහළ දැමීම බලශක්ති අමාත්‍යවරයාගේ තීරණයක් නොව සමස්ථ ආණ්ඩුවේම තීරණයක් බැවින් පුද්ගලයකු ඉලක්ක කර විශ්වාසභංගයක් ගෙන ඒමේ පදනමක් නැති බවයි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය විසින් චෝදනා 10ක් ගොනු කරමින් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව අත්සන් කොට තිබෙන විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

විස්වාසභංගය විසි වෙන්නත් පුළුවන්

බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව අත්සන් තබා තිබෙන විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඊට දින වෙන් කොට විවාදයට ගෙන ඡන්දය විමසීමට තව කලක් ගත වනු ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඇතැම් විට ඉදිරියේදී ඇති විය හැකි දේශපාලන වෙනස්වීම් සමඟ මෙම විශ්වාසභංගය විසි වීමටද ඉඩකඩ බොහෝ දුරට තිබෙන බවටද ඉඟියක් වෛද්‍ය ජයතිස්ස ලබා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 03:06