April 28, 2024

ජවිපෙ බේරාගන්න රනිල් එයි

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට අද (8) විශේෂ උපදෙසක් දී තිබෙනවා.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර එජාප නීති අංශය කරුණු පෙන්වා දී තිබුණා.

විරෝධතා සහ උද්ඝෝෂණවල යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශයට දුන් උපදෙස්වල දැක්වෙන්නේ ඉහත පියවරට එරෙහිව අධිකරණයෙන්ම නීතිමය ආවරණය ගන්නා ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ මෙහෙයවීමෙන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් ද ගොනු කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 15:53