May 11, 2024

අධිවේගයටත් සූර්ය විදුලිය

දිවයිනේ පිහිටි සියළුම අධිවේගී මාර්ගයන් තුළ ඇති විදුලි ලාම්පු සඳහා සූර්ය විදුලි ජනන (සූර්ය කෝෂ) සවිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙමගින් විදුලිය ඉතිරි කරගැනීමට හැකියාව ලැබීමත් විදුලි ලාම්පු සඳහා වැය වී ඉතිරිවන විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට ඇති හැකියාවත් පිළිබඳව අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ වී ඇත්තේ මීට පෙර යෝජනා වූ සියළුම අධිවේගී මාර්ග දෙපස සූර්ය විදුලි ජනන ඒකක සවිකිරීම යන ක්‍රමයට වඩා මෙම ක්‍රමය ඵලදායී බවයි.

නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුරට අධ්‍යනය කර වාර්තා කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂවරයා වෙත පවරා ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශය සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 June 2016 12:46