May 11, 2024

මැයි දිනයට අධිවේගයේ පහසුකම් රැසක්

මැයි දිනය වෙනුවෙන් දක්ෂිණ අධීවේගී මාර්ගයේ පහසුකම් රැසක් සලසා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ මැයි රැලි සඳහා මහජනතාව රැගෙන ප්‍රවාහනය කෙරෙන බස් රථ වෙනුවෙන් එම පහසුකම් සලසා ඇති බව ය.

මැයි දිනයේ බස් රථ රැසක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

දිගු පෝලිම් ඇති නොවන අයුරින් හුවමාරු මධ්‍යස්ථානවල කවුළු විවෘත කර අතිරේක පිරිස් යොදවන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 April 2016 15:03