May 11, 2024

අධිවේගයෙන් කොටසක් නොමිලේ

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් වශයෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනයට නොමිලේ අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල, කඩුවෙල සහ කඩවත යන පිවිසුම්වලින් ඇතුළු වී පිටවන සියලුම වර්ගයේ වාහනවලින් මුදල් අය නොකරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කරයි.

මේ අතර අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමේ මාතර සහ කොට්ටාව දෙස සිට පැමිණෙන වාහන පිටවීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොට්ටාව දෙස සිට කඩවතට ගමන් කරන සියලු වාහන කොතලාවල පිවිසුමෙන් හෝ කඩවත පිවිසුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටතට ගමන් කළ යුතුය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 May 2016 11:48