May 10, 2024

සරුංගල් නිසා අධිවේගී මග අවධානම්

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරු 02කින් පුද්ගලයන් 03දෙනෙකු අද (29) ජීවිතක්ෂයට පත්විය.

ඉන් එක් අනතුරක් සිදුවුයේ මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙනි.

එම අනතුරින් තරුණයින් 02ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් තරුණයෙක් රෝහල් ගත කෙරුණි.

අනෙක් අනතුර සිදුවූයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 99 වන කණුව ආසන්නයේදී ය.

ඒ කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් එම දිසාවටම ගමන් කරමින් තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙනි.

ඉන් ජීවිතක්ෂයට පත්වුයේ කඩවත එක්සත් මාවත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

අනතුරෙන් තුවාල ලැබූ කැබ් රථයේ සිටි අනෙක් පුද්ගලයා මේ වනවිටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර සරුංගල් හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන රියදුරන් අවදානමකට ලක්ව ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කරයි.

පොලීසිය සඳහන් කරන්නේ මේ වනවිට සරුංගල් නිසා අධිවේගී මාර්ගයේ අනතුරු ද වාර්තාවී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 14:50