May 10, 2024

නාවික හමුදා බසයේ ගැටී පාපැදිකරුවෙක් මරුට

ඊයේ (29) යාපනය - කන්කසන්තුරය මාර්ගයේ වියන්කාමන් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

කන්කසන්තුරය දෙසට ධාවනය වෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක් අතුරු මාර්ගයකින් පැමිණි පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වල්ලියන් නට්ගුණරාසා නමැති අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්කසන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 10:36