May 10, 2024

වන්දනා බසයක් පෙරලී අයෙක් මරුට - 23ක් රෝහලේ (PHOTOS)

යාපනය - මන්නාරම මාර්ගයේ නාච්චිකුඩා ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 23දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මඩු වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයකි.

වන්දනාකරුවන් රැගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් කාන්තාවක මියගොස් තිබේ.
 
මියගොස් ඇත්තේ වඩලිඅරිප්පු, ඉලවාල් ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් නාච්චිකුඩා පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 August 2016 11:05