May 12, 2024

මැයි දිනයට අධිවේගයේ වාහන 85000ක් ගිහින්

ඊයේ (01) පැවති මැයි දින සැමරුම වෙනුවෙන් දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000ක්ම මැයි දිනය සඳහා ගමන්ගත් වාහන බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කරයි.

කටුනායක අධිවේගී මාර්ගයේ ද එදින වාහන 22000ක් ගමන් කළ බව ඒ මහතා කියාසිටියේ ය.

මීට අමතරව මාර්ග අධ්‍යක්ෂකවරයා සඳහන්කළේ ඊයේ දිනයේ අධිවේගී මාර්ගයේ පමණක් අනතුරු 08ක් ද කාර්මික දෝෂ 80ක් ද වාර්තා වූ බවයි.

බස් රථ 02කට ගල් ගැසීම් ගැන පැමිණිලි වාර්තා වූ බවත් අධිවේගී මාර්ග පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඊයේ දිනය පුරාවට ආරක්ෂාව සැලසූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 May 2016 15:22